නෙළුම් යාය සම්මාන උළෙලට එනතැන ඉඳන් කතන්දර ගොඩයි. පිටකොටුවට ඇනොපිලිස් එක්ක ඇවිත් කොටුවේ ඉස්ටෙසම ගාවට එනකල් පයින් ගාටල කොටුවේ "ව"යන්න යටට එනකොටම කෝච්චියෙන් ආපු අටමත් හොහෙදෝ ඉඳන් පාත් උනා. කවදාවත් දැකල නැති අටමයි මායි "උඹ උසයිනේ, උඹේ රැව්ල අරියාදුවට පොල් හිටෝලා වගේනෙ , උඹ කැහැටුයි නෙ " විදියෙ අන්‍යොන්‍ය ශරීරාංග ගැන වර්ණනාවක් කොරගත්ත . ඒක ඉවර වෙලා "යන්ඩ කලින් අනුමත වෙලා යමු" අයිඩියාවට අනුව වෝල් මාකොට් එකට එහාපැත්තෙ මොකක්දෝ එකක(නම මතක නෑ ) උඩ තට්ටුවට ගිහිං ඉද්දි "වැව් ඉස්මත්තා" අටමා ඇමතුවා. අටමා "වරෙන් වරෙන්, අතනින් වරෙන්, මෙතනින් වරෙන්, පොලව පළාගෙන වරෙන්, අහස ගුගුරුවාගෙන වරෙන්, උඩින් වරෙන්, යටින් වරෙන්, ඇවිල්ල උඩ තට්ටුවට වරෙන්' කියල මාර්ග විස්තරේ කිව්වා. ඕක හරියට අහගන්නේ නැතුව පරක්කු වෙච්ච "වැව් ඉස්මත්තට" අටමගෙන් ලැබුණු ප්‍රති උත්තර මෙතන ලියන්ඩ බෑ. එතන කයි කතන්දර කිය කියා වෙලාව කාපු අපි සැට් එකට "කල්‍යාණ මිත්‍ර" සහ "කටුස්සා" සැරින් සැරේට කතාකරලා ජාතිය අමතනවා.
කමියා අටමට කතාකරල ගේන්න කියපු වතුර බෝතලෙන් වතුර බොන්න හිටියනං එහෙම උන්දැ දිව ගිලිලා මැරිල . කොහොමින් කොහොමින්හරි කරත්තෙට පොල් පටෙව්ව වගේ රෝද තුනක පිටිපස්සට හතරදෙනාම ගොඩවෙලා හතරදෙනාම සූරයෝ වගේ එතනින් එන්න පිටත් උනා. ත්‍රීවීල් අයියගෙ නැවිගේෂන්, අටමගෙ නැවිගේෂන්, ඇනොපිලියගේ නැවිගේෂන් ඔක්කොගෙන්ම කළවං වෙච්ච රෝද තුන ඔල්මොරොන්දන් වෙලා අඥ්ඥකොරොස් වෙලා වටේ රවුන් ගහල ගහල තැනට එන්න පැය 2ක් විතර ගියා මයේ හිතේ. එකෙක් කිරුල පාරක් ගැන කියනවා, තව එකෙක් කිරුලපන කියනවා, තව එකෙක් කම්කරු දෙපාර්තමේන්තු හොයනවා, තව එකෙක් පොල්හේන්ගොඩ හොයනව, ආසිරි ඉස්පිරිතාලේ පැත්තටත් ගියා එකපාරක්. කොහොමහරි අපි එනකොට වෙලාව පැනල ගොඩක් වෙලා.
"ඉන්ටනෙට් එකේ ලියන කට්ටියගේ මෙව්වා එක" කොහෙද තියෙන්නෙ අහගෙන සාලාවට රිංගනකොට එතන හෙන දේශනයක් යනවා. "ඔළුව වටෙන් අතදාල නහය ඇල්ලුව වගේ" පහලින් ඇවිත් උඩට නැගල, උඩින් ආයේ පහලට බැහැල අයිනක් අල්ලල වාඩි උනා. දේශනා ඇහිල්ල පැත්තක, මං හෝ ගාල වටපිට බලනවා කව්ද කටුස්සා, කව්ද කමිය, කව්ද ඉවාන්, කව්ද මාතලන් කියල. අටං අයිය අත පය වන වන සැලියුට් ගහනවා අඳුරන උදවියට. මාත් උගෙන් අහගන්නවා අරූ කව්ද?, මූ කව්ද? කියල. දේශනා ගැන මම මෙතන කියන්න යන්නෙ නෑ . එව්ව සුපිරියටම කෙරුණා ( මං ඇහුවෙ නැති උනාට). ඉන්ටනෙට් කෝලම නාට්ටිය බැලුව. ඒකත් ලස්සනයි. කරු ජයසූරිය මහත්තය ආවම ෂෙඩූල් එක පොඩ්ඩක් වෙනස් උනා මට තේරුණු විදියට. හැමදාම ඉතිං දේශපාලන කාරයන්ගෙ ෂෙඩූල් වලට මිසක් තියන ෂෙඩූල් වලටයැ වැඩ කෙරෙන්නෙ. අපේ කල්‍යාණ මිත්‍ර දත කට මැදගෙන කියන්න හිතාගෙන හිටපු කවි ටික මිස්උනෙත් ඔය නිසා වෙන්නැති. කිව්වෙ නැති උනාට "සුවනියර්" එකේ ෂෙඩූල් එකේ නම තියන එකම මදෑ...
වැඩේ යන අතරෙ කට්ටිය ගහනව "සෙල්පි". අටම ඉතිං ප්‍රසිද්ද බුවානෙ. පුටු පේලි අස්සෙන් ඔළුව දදා සෙල්පි වලට පෙනී හිටිනවා. ඔය වැඩේ කරන්න කිරිපනුව වගේ ඇඹරෙනකොට කලිසමටත් මොකද්දෝ උනා වගේ ඇහුණා. "ඕක ගැන කිව්වොත් තොපි මරනවා" කියල කිව්වා හන්ද මං සද්ද නැතුව ඉන්නවා. මං නං සෙල්පි වැඩේට විරුද්දයි කියල එකෙක් කියද්දි අටම ඔන්න "ගහමු යකෝ අපිත් සෙල්පියක්" කියල පෝන් එක මානල මොකද්දෝ එකක් කොලා. අරගෙන බැලින්නං ඒකෙ තිබ්බේ හවස් වරුවක කඳු පන්තියක් මැද්දෙන් ඉර බැහැගෙන යනව වගේ දර්ශණයක්. අපි ඔක්කොටම හිනා. ඔන්නොහෙ මගේ එකෙන් ගමු කියල ඇදලා ගත්ත පෝන් කබල. හුටා ඒකෙ කැමරාවක් නෑ නෙ. අපේ සෙල්පි සිහිනය බොඳ වෙලා ගියෙ ඔන්න ඔය විදියටයි. අටමගේ ෆෝන් එක යතාර්ථවාදී පිංතූර වැටෙන එකක් වෙන්නත් පුළුවන්. එකේ ඒ වැටුනේ නෙළුම් යායක්ද කව්ද දන්නෙ.