බ්ලොග් යාලුවෝ...
අමුතුම සම්බන්ධතාවයක්... මිතුදමක්... මතවාද ඝට්ඨනයක්...රසවින්දනයකට අලුත් අරුතක්... දිවියට දැනුම සහ
අත්දැකීම් එකතුකරගැනීමක් ... බ්ලොග් කියවන්නට සහ ලියන්න පටන්ගන්නට අඩිතාලම දාපු,
දිරිගන්වපු මගේ අතීසාර මිත්රයා "මුද්දා" මුලින්ම කියපු කතාව මතකයි...
"සජ්ජා.. ෆේස්බුක් කියන්නෙ
මොන %^^*&^%ද බං. පොඩ්ඩක් බලපන්
බ්ලොග් ලෝකය දිහා. අමුතුම දෙයක්.
ඇබ්බැහි වෙනවා... දාල යන්න හිතෙන්නෙ නෑ.. නොබලා ඉන්න හිතෙන්නෙ නෑ... බලපන් බොරුද කියල.. බ්ලොග් වැඩේට සෙට් උනොත් උඹ ආයෙ ෆේස් බුක් යන්නෙ නෑ..."
කතාව සහතික ඇත්ත.
බ්ලොග් කෙරුවාවට ආවට පස්සෙ බුකිය නිකන්ම අතෑරලා දැම්ම වගේ වැඩක් උනේ. බ්ලොග් ලියන සහෝදර
සහෝදරියෝ ලියන දේවල් කියවන්න රසවිඳින්න ඒ දේවල් අගයන්න, විවේචනය
කරන්න, මතවාදීව ගැටෙන්න ලැබුණු ඒ අවස්තාව මම නම් දකින්නෙ වාසනාවක්
විදියට. මම කැමති, මම ආස බ්ලොග් ටික
නොවරදවාම බලන පුරුද්ද සහ අඩුම ගානේ ඇවිත් ගියා හරි දැනෙන්න වචනයක් කොටලා යන පුරුද්ද
මොන සම්බන්ධතාවයක් නිසා ආවද , ඒ සම්බන්ධතාවය සහ ඇබ්බැහිය කොහොම
ගොඩනැගුනද කියනඑක මට නම් අදටත් ප්රහේළිකාවක්.