ලාබයි... ලාබයි ... වාලම්පුරි ලාබයි ...!!!

සෑහෙන කාලෙකින් ආයෙමත් බ්ලොග් අස්සට රිංගන්න වෙලාවක් හොයාගත්ත. සහෝදර බ්ලොග් කරුවන්ගේ පොස්ට් කියවල යන පුරුද්ද දිගටම කලත් කොමෙන්ටුවක් දාන්න, සංවාද වලට සහභාගී වෙන්න තරමට කාල වේලාවක් තිබුනෙ නෑ...  හැබැයි ඉතිං එහෙමයි කියල බ්ලොග් කියවිල්ල සහ ලිවිල්ල අතාරින්නෙ කොහොමද....

මුලින්ම කියන්නම් මේ කතන්දරේ ලියන භාෂාවෙන් නොලියා කතා කරන භාෂාවෙන්ම සුපුරුදු විදිහට ලියන්න තීරණය කලේ ඒක "මගේ ක්‍රමය" නිසා සහ කියවන උදවියට කියවල තේරුම්ගන්න විදිහ පහසුයි කියල හිතුන නිසාවට.  කොටින්ම කිව්වොත් කතන්දරේ මේකයි. රුපවාහිනී , ගුවන්විදුලි සහ මුද්‍රිත මාධ්‍ය වලින් මිනිස්සුන්ට සහ අදාළ ජීවිත වලට කොයිතරම් බලපෑමක් කරන්න පුලුවන්ද කියන කාරණාව සහ මිනිස්සු හොඳ පැත්තට දැනුවත් කිරීමක් කරනව වගේම අවශ්‍ය නම් මිනිස්සුන්ව ගොනාට අන්දවන්නත් කොච්චර ලේසියිද කියන කාරණාවට  උදාහරණයක් මේකෙන් ලැබෙයිකාලෙන් කාලෙට හතුපිපෙන්නා වගේ මතුවෙන මිනිස්සු ගැන අපේ සමාජයට ලොකු අත්දැකීම් තියනව. ඉස්සර ටවුන් වල දකින්න ලැබුණු "හොර තෙල් බෙහෙත් වෙද්දු" මොඩලයේ උදවිය තැන වලින් මිදිලා නූතනකරණය වෙලා ඇසිදිසි මාධ්‍ය වල පිනුම් ගහනව බලන් ඉන්න වෙලා තියන තරමටම අපි අවාසනාවන්ත වෙලා.  "තෙල් බෙහෙත් වෙදා"ව පොඩ්ඩ මිස්  වෙච්ච ගමන් ගහල පන්නන්න මිනිස්සුන්ටම පුළුවන්කමක් තිබ්බට , පොලිසියට උන්ව පන්නන්න අවස්ථාව ලැබිල තිබ්බට "මොඩනයිස්"  වෙච්ච කුලකයේ "බලසම්පන්න" හොරුන්ව පන්නන්න සක්කරයට වත් බෑ.. උන්ව පන්නනව තියා හොල්ලන්න බෑ. සල්ලි දීල ගුවන් කාලය වෙන්කරවාගෙන, පත්තර වල පිටුගණන් වෙන්කරවාගෙන අපූරුවට ජාවාරම යහමින් කරගෙන යන්න සහ  අවශ්‍ය ඕනෑම ජගතෙක් සල්ලි බලෙන් නම්මගන්න මේ කියන මගෝඩිපාලලා සමත්.  ඔය කියන විදිහේ උදවිය කාලෙන් කාලෙට ඉස්මතු වෙන්න උඩගෙඩි දෙන කල්ලියක් බිහිවෙනවා වගේම ඕවට රැවටෙන්නත් අපේ ගොන් හැත්ත එකහෙළා සූදානම්.


මේ කියන්න සූදානම ඔය පරපුරේ ඉන්න , මේ දවස් වල මාධ්‍ය වල පිනුම් ගහන , ලංකාවේ ගොන් බූරුවන්ගේ සල්ලි මිටි උඩ පෙරළිකරන, බලවත් උදවියගෙ ගොන්කම් නිසා අභියෝග කරන්නට බැරි තරමේ බලවත් තැනකට පත් වෙච්ච නොම්මර එකේ පොරක්  ගැන. මහාචාර්ය (කොයි විස්ස විද්‍යාලෙන් දුන්න එකක්ද දන්නෙ නෑ) දේශ ශක්ති, දේශ කීර්ති, දේශමාන්‍ය (අවශ්‍ය තව ඕනෑම ගරු නම්බුකාර වචන සෙට් එකක් එල්ලගන්න ඒකයි තියෙන්නෙ. ඕනෑම එකකට රෙඩි) කීර්ති දිසානායක කිව්වම ලංකාවේ ඉන්න කවුද නොදන්නෙ.  බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති (ඕන්න කණෝ පිණුම් කිව්වලු) , නමෝ නාරායන මධ්‍යස්ථානයේ නිර්මාතෘ , සියලුම මුද්‍රිත මාධ්‍ය වල පිටු ගණන් වෙන් කරවාගෙන , දෙරණ, හිරු, ස්වර්ණවාහිනී, ITN , සියත රූපවාහිනී නාලිකා වල පැය ගණන් වාචාල විදිහට කියවන මුන්දෑ ගැන කව්ද නොදන්නෙ. දැන් ටික කාලෙකට ඉහතදි නෙත් එෆ්.එම්. බැලුම්ගල  වැඩසටහනේ වාලම්පුරි මගඩිය ගැන මුන්දෑගෙ රෙදි ගැලෙව්ව සමහරුන්ට මතක ඇති. උන්ගෙන් අපූරුවට බයිට් වෙච්ච මුන්නාන්සෙගේ වැඩසටහන් හඬ පටය දැන් යූ ටියුබ් එකේ නෙත් එෆ්.එම්. චැනල් එකෙත් හොයාගන්න නෑ. සමහරවිට එකත් බෙලිකටුවෙ ආනුභාවේ වෙන්නත් බැරි නෑ.  "බජාර් එකේ චණ්ඩියා" චිත්රපටියේ ප්රධාන චරිතය රඟපාපු දවස් වල බන්දුල දිසානායක විදිහට පෙනී හිටපු මුන්නාන්සෙගෙ නූතන රඟපෑමට නම් "ඔස්කාර්" සම්මාන දෙන්න වටිනව.  සතියකට සැරයක් අනිවාර්යෙන්ම පැය දෙකක විතර වැඩසටහනකින් රූපවාහිනී නාලිකාවක රූකඩ මාධ්‍යවේදියෙක් දාගෙන "මහානුභාව සම්පන්න බෙලිකටුව" ගැන තොරතෝංචියක් නැතුව "බෙලිකටු මල්ල හොල්ලන" මුන්නාන්සෙගෙ මූණත් තහඩුව දැක්කම රූප පෙට්ටිය උස්සල පොලවේ ගහන්න හිතුනෙ දෙතුන් වාරයක් නෙවෙයි.